spot_img
spot_img

මාස 9ක් තුළ සංචාරක ආදායමෙන් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවයි

ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට අමෙරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්මවූ ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවකට අනුව ගතවූ මාස 9ක කාලය තුළ ලබා ඇති සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,245.2කි.

කෙසේ නමුත් එය පසුගිය 2025 වසරේ එම කාලය සාපේක්ෂව සංසන්දනය කළ විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇතැයිද එහි සඳහන් වේ.

පසුගිය 2025 වසරේදී ගතවූ මාස 9ක කාලය තුළදී සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,472.9ක් උපයා තිබුණි.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරට සංචාරක ආදායමින් ඩොලර් මිලියන 185.6ක් උපයාගෙන තිබේ.

එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී වර්ධනයක් පෙන්නුම් කරන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ආදායමින් මෙරට ඩොලර් මිලියන 182.9ක් උපයාගෙන තිබුණි.

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 9ක කාලය තුළ මෙරටට සංචාරකයින් 1,693,679ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් මෙම ආදායම උපයාගෙන තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවකට අවසර ඉල්ලයි

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ...

උලපනේ සුමංගල හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 4ක ප්‍රකාශයක් සටහන් කර ගනී

විහාරමහාදේවී උද්‍යානයේදී බලංගොඩ කස්සප හිමියන්ට පොලිසිය විසින් පහර දුන්...