කොළඹට නැවුම් අත්දැකීමක් එක්කරමින් සුභාවිත සංගීතයේ සොදුරු සංගීතමය හැන්දෑව, යුග යාත්‍රා – ප්‍රසංගයේ දෙවන දිග හැරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු දෑ මේ වන විටත් සූදානම්ව පවතිනවා.
ඒ අනුව එළැඹෙන ජුනි 21 දින කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී මෙවර යුග යාත්‍රා – ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.
Wickramanayake Holdings (Pvt) Ltd වෙතින් ඉදිරිපත් කරන යුග යාත්‍රා – ප්‍රසංගය ජුනි 21 දින පස්වරු 6.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙනු ඇති.
එදින එහි පැමිණෙන ඔබට විරහවේ ප්‍රේමනීය හඩ විදගන්නටත් හදවතේ ගබුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට එක්වී සංගීත රසාස්වාදයේ උපරිමය සජීවීව විදගැනීමට අවස්ථාව හිමිවනවා.
මාධූර් සංගීත කණ්ඩායම එදින සංගීතය සපයන අතර T.M ජයරත්න,කරුණාරත්න දිවුල්ගනේ,රිද්ම වීරවර්ධන,නුවන්ධිකා සේනාරත්න එදින හැන්දෑව ගීයෙන් රසගන්වීමට නියමිතයි.
ආදරයේත් විරහවේත් ප්‍රේමනීය හඩ විදගන්න හදවතේ ගබුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට ඔබත් එන්න…





