Sunday, April 19, 2026
spot_img
spot_img

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය කණගාටුව ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු පී. පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළේය.

මෙම පනත යටතේ සිදුකරන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත සති දෙකක් ඇතුළත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

නතාෂා එදිරිසූරියව 2023 මැයි (27) වන දින සිදුකළ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම මෙන්ම ඒ හරහා ඇයගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදුවූ හානිය මෙන්ම ඇයට ඇති වූ මානසික පීඩාවන් පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද අත්අඩංගුවට ගත් නිලධාරියා සිය ලිපියේ සඳහන් කර ඇත.

අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය නියෝග කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...