spot_img
spot_img

කැබිතිගොල්ලෑව ප්‍රා.සභාවේ බලය සජබෙට!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

ඒ අද පැවැති සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදීය.

එහිදී බහුතර බලය ලබා ගනිමින් සමගි ජන බලවේගයේ සභාපති ධුර අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස මහතා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය හිමිකරගනු ලැබූ නමුත් බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට අපොහොසත් විය.

එම මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 7ක් හිමිකරගත් අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක් හිමිවිය.

එමෙන්ම පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3ක්, පොදුජන එක්සත් පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් අංක 1 එක් මන්ත්‍රිධුරයක් බැගින් හිමි කර ගනු ලැබීය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...