spot_img
spot_img

සචිත්‍ර සේනානායකට අධි චෝදනා!

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දුන්නේ යැයි චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබේ.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවා දීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු පළමු අවස්ථාව මෙය වේ.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ 22 අතර කාලය තුළදී මුරුසි දූපතේදී සහ හම්බන්තොටදී පැවති මෙම ක්‍රිකට් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස තෝරාගෙන සිටි තරිඳු රත්නායකට වෙනත් අයෙකු කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි ඒකකය වෙත දැනුම් දීම වැළැක්වීම සඳහා අදාළ ක්‍රීඩකයාව පෙළඹවීම හෝ උපදෙස් ලබා දුන් බවට චෝදනා යටතේ මෙම අධි චෝදනා ගොනුකර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...