spot_img
spot_img

හෘද සැත්කම් සඳහා රෝගීන් 25,000කට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනවල ශල්‍යකර්ම ලැයිස්තුව 2029 දක්වා දීර්ඝ වෙයි

ශ්‍රී ලංකාව තුළ හෘද සැත්කම්, ප්‍රධාන ශල්‍යකර්ම සහ අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝගීන් 25,000කට අධික පිරිසක් මේ වන විටත් පොරොත්තු ලේඛනවල පසුවන බවත්, සමහර හෘද සැත්කම් සඳහා වන පොරොත්තු ලේඛනය 2029 වසර දක්වා දීර්ඝ වී ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ජනාධිපති අරමුදලින් ප්‍රතිපාදන ලබාදී පොරොත්තු ලේඛන අවම කිරීමට රජය නිවේදනය කළද, එම වැඩසටහන තවමත් ක්‍රියාත්මක වී නොමැති වීම කණගාටුදායක බව ඔහු පෙන්වා දෙයි.

පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි දිළිඳු රෝගීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බැවින්, ජනාධිපති අරමුදල් ප්‍රතිපාදන වැඩි කර රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ට නියමිත අනුපාත යටතේ පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීම හෝ රෝහල්වල දෛනික සැත්කම් ප්‍රමාණය ඉහළ නැංවීම වැනි කෙটිකාලීන විසඳුම් ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම යෝජනා කරයි. මීට අමතරව, විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම, රෝහල් පහසුකම් පුළුල් කිරීම සහ ශල්‍යකර්ම උපකරණ ලබා ගැනීම හරහා සෞඛ්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...