Saturday, May 9, 2026
spot_img
spot_img

හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? තීරණය 15

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් ලිඛිතව සිය විරෝධතා කොළඹ මහාධිකරණය හමුවේ අද භාරදුන්නා.

ඒ, මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදුකරන බව විනිසුරුවරයා නියෝග කලා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18 කට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.

එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ ඇති බැවින් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...