ක්
ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන, රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් 7 දෙනා, ඊයේ රාත්‍රි 8 පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා.
නව රැඳවියන් රඳවා සිටින එල් වාට්ටුවේ ඔවුන් මේ වනවිට රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ.
එම සැකකරුවන්ට අද පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් උපදෙස් පන්තියක් පැවැත්වීමට ද කටයුතු කර තිබෙනවා.
ඒ, බන්ධනාගාරය තුළ ගත කළ යුතු ආකාරය සහ බන්ධනාගාර නීති පිළිබඳවයි.
ඉන් අනතුරුව එම සැකකරුවන්ගේ ප්‍රතිවාදීන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින්නේ දැයි සොයා බලා සැකකරුවන් 7 දෙනා රඳවනු ලබන වාට්ටු පිළිබඳ තීරණය කිරීමට නියමිතයි.
යම් හෙයකින් ඔවුන්ගේ ප්‍රතිවාදීන් බන්ධනාගාර ගත කර සිටීනම් මෙම සැකකරුවන් ඔවුන්ට නොගැටෙන පරිදි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනත් වාට්ටුවල රඳවනු ලබන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළා.
කෙසේවෙතත් ඔවුන් බොහෝ දුරට එම බන්ධනාගාරයේ එකම වාට්ටුවේ රඳවනු ඇති බවටයි වාර්තා වුණේ.
ඒ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ගනන මේ වන විට සියයට 300 කින් පමණ ඉහළ යාම හේතුවෙන්.
සාමාන්‍යයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබිය හැක්කේ රැඳවියන් 600 ක් පමණ වනවා.
එහෙත් ඊයේ පස්වරුව වන විට එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් ගණන 2,250 ක් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවා.




