Thursday, June 4, 2026
spot_img
spot_img

ජනපතිගේත් කරට අත දාන හිටපු කෙනා කවුද ..? මොනවද කරන්නේ

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පර්යන්තයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ වම්පසින් එම කටයුත්තට සහභාගි වූ පුද්ගලයකු ගැන සමාජ මාධ්‍යවල අවධානය යොමු විය.

එම සුවිශේෂී පුද්ගලයා ජනපති තුමාගේ කරට අත දමාගෙන සිටින අවස්ථා මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයන්හි සටහන් වී තිබූ අතර තවත් බොහෝ අවස්ථාවන්හිදී ආන්ඩුවේ ප්‍රභල මැති ඇමතිවරුන් සමඟ ඉතා ලෙංගතු ආකාරයෙන් හැසිරෙමින් විවිධ උත්සව කටයුතු සඳහාද එක්ව සිටින ආකාරය දැක ගත හැකි විය.

ඔහු නමින් සේපාල ලියනගේ මහතාය. ජනතා විමුක්ති පෙරමුණේ එදා සිටි ප්‍රබල සාමාජිකයෙකි.

1983 ජවිපෙ තහනම් කිරීමට එවක පැවැති රජය කටයුතු කළ අවස්ථාවේ ජවිපෙ නායක රෝහණ විජේවීර සමග කැලෑව තුළ සැඟවී සිටි සේපාල මේ සමග දැක්වෙන සමූහ ඡායාරූපයේ රෝහණ විජේවීරගේ දකුණු පසින් වෙයි.

හෙන්රි වර්ණකුලසූරිය මුහුණු පොතේ තබා තිබූ සටහනක මේ බව සඳහන්ව තිබුණා

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...