Thursday, June 4, 2026
spot_img
spot_img

නාමල් රාජපක්ෂ සතු බිලියන ගණනක වත්කම් මෙන්න – රන් ආභරණ තොගය පමණක් මිලියන 100ට වැඩී

මිලියන 100කට වැඩි රන් භාන්ඩ.
මිලියන 3ක් පොලී ආදායම්,
මිල කල නොහැකි මුතු මාල 10ක්
සුපිරි හෝටල් කාමර 200ක්. වත්කම් අතර

2025 වර්ශයට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අල්ලස් කොමිසම වෙත ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය සමාජය තුළ වඩාත් කතා බහට ලක්ව තිබේ.

ඒ ඔහුට අයත් ඉතා විශාල ධනය, ව්‍යාපාර සහ වත්කම් හේතුවෙනි. නාමල් රාජපක්ෂ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රන් භාන්ඩ සහ ආයිත්තම් ආදියේ වටිනාකම පමණක් මිලියන 100 ඉක්මවයි.

ඒ අතර මිලියන 1.3වටිනා රන් මාලයක්.
මිලියන 1.6වටිනා රන් ජයකුන්තය.
මිලියන 2.3වටිනා එක් වර්ගයකට අදාළ රන් කාසි 23ක්
මිලියන 3.5වටිනා රන් වළලු තිහක්.
මිලියන 10ක් වටිනා බ්ලූ සෆායා වර්ගයේ මැණික් ගලක්.
මිලියන 20ක් වටිනා මැණික් ගල් එබවූ වූ රන් මාලයක්.
මිලියන 20ක් වටිනා සුදු රත්තරන් මාල දෙකක්.
මිලියන 10ක් වටිනා දියමන්ති එබවූ සුදු රත්තරන් මාලයක්.
මිලියන 2.1ක් වටිනා රන් පෙන්ඩන්ට්.
මිලියන 1.2ක් වටිනා දියමන්ති තැල්ලක්.
මිලියන 16කට වඩා වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසු තුනක්. ඇතුළත් වෙයි.

මෙහි සුවිශේෂී තවත් එක් කරුණක් වනුයේ මිල කළ නොහැකි මුතු මාල 10ක්ද ඒ අතර තිබීමයි.

මේ අතරින් බොහොමයක් ඒවා පවුලේ උරුමයෙන් ලැබුණු සහ ත්‍යාග වශයෙන් ලැබුණු ඒවා බවට සඳහන් කර තිබේ.

මේ අතර ඔහු සතු මුල්‍යමය වත්කම් පහත පරිදි පෙන්වා දී ඇත.

මේ අතර ඔහුට 50%ක හිමිකාරීත්වය පවතින තවත් ව්‍යාපාර සහ ඉඩම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඔහුට අයත් ශ්‍රී ලංකාව තුළ පවතින හෝටල් ජාලය තුළ ඇති කාමර ප්‍රමාණය 200ක් පමණ වෙයි.

නාමල් රාජපක්ෂ මහතාට අයත් ආදායම් පහත පරිදි පෙන්වා දී ඇති නමුත් ඔහුට අයත් ව්‍යාපාර වල ආදායම් මෙම වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් කර නොමැත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...