spot_img
spot_img

තාවකාලිකව නැවතුන උසස් පෙළ විභාගයට මොකද වෙන්නේ

උසස් පෙළ විභාගය පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

එහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා,

“උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි”.

මේ අතර, පවතින අධික වැසි හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (26) තීරණය කළා.

ඒ අනුව අද, හෙට සහ 29 යන තෙදින උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, නැවත විභාගය 30වනදා නියමිත කාලසටහනේ සිට ක්‍රියාත්මක වන බවත්, අත්හිට වූ දින තුනට අදාළ විෂයන් දෙසැම්බර් මස 21, 22 හා 23 දිනවල පැවැත්වෙන බවද හෙතෙම පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...