spot_img
spot_img

අපි දිනනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා – රනිල්

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (20) පැවති පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන්ගේ හමුවට එක්වෙමින්.

දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව මෙම හමුව සංවිධානය කර තිබුණා.

මැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේ දී එදා ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, අභියෝග හමුවේ වුවත් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බව ද පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මීට වසර දෙකකට පෙර මම රට භාරගන්නා අවස්ථාව වන විට රට අර්බුද ගණනාවකට මුහුණ පා සිටියා. එදා ආර්ථික කඩා වැටීමක් පමණක් නොව, නීතිය හා දේශපාලනයද කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් මේ ඡන්දෙ දී පක්ෂ කඩා වැටීමකුත් සිදුව තිබෙනවා.එදා මට අගමැතිධුරය භාරගැනීමට ආරාධනා කළ අවස්ථාවේ මා එය නොබියව භාරගත්තා. නමුත් ඊට පෙර විපක්ෂ නායකවරයාට සහ අනෙකුත් පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබුණා. ඒ අවස්ථාවේ ඔවුන් කිසිවෙක් එම අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ. නමුත් මා අභියෝගය භාර ගැනීමෙන් පසුව රට ගොඩනැඟීම සඳහා එක්වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කළා.

ජනතා විමුක්ති පෙරමුණට හෝ සමඟි ජනබලවේගයට රටේ ප්‍රශ්න නිරාකරණය කර ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟා දීමට පැහැදිලි වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් නැහැ. ඔවුන් ගෙන යන බොරුව දැන් ජනතාවට අවබෝධ වී තිබෙනවා. බොරුවෙන් රටක් ඉදිරියට ගෙනයන්න බැහැ.

ජනතා විමුක්ති පෙරමුණ සහ සමඟි ජනබලවේගය මේ වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් තම සංවිධාන කටයුතු ආරම්භ කර මාස හයක් පමණ වනවා. වසරක් පමණ ඔවුන් දුවලා තිබෙනවා. ඔවුන් තවත් දිවිය යුතුයි. අපි වෙලාවට අපේ වැඩ කටයුතු ආරම්භ කරමු. මට කිසිම සැකයක් නැහැ අපි ජය ගන්නවා.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...