Thursday, June 4, 2026
spot_img
spot_img

අපි ණය කල්දාන දේශපාලන බලවේගයක් නෙවෙයි-නාමල්

සිය දේශපාලන බලවේගය ණය ගෙවීම කල් නොදමන බවත්, ණය ගත්තොත් එය ගෙවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

බිංගිරිය ප්‍රදේශයේ ඊයේ(21) පැවති පක්ෂ රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළා.

එමෙන්ම ණය ගෙවීමට නොහැකි නම් කිසිසේත් ණය ලබානොගන්නා බවත් ණය ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සිය දේශපාලන බලවේගයට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියා.

ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතීය නොකරන බවද ඔහු එහිදී පවසා සිටියා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“මැතිවරණ කල් දාන කාල සිමාවක …ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බිම් මට්ටමින් සංවිධාන ගත වෙමින් පවතිනවා.අපේ හාමුදුරුවනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් මේ පක්ෂය හදනකොට .මහින්ද මහත්තයගේ නායකත්වයෙන් අපි ප්‍රතිපත්තිමය තීන්දු වගේම පක්ෂයේ මුලික ප්‍රතිපත්තිය වගේම අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරපු කාරනයක් තියනවා.නැවක් හදලා වරාය ඇතුලේ නැංගරම් දාලා නැව නවත්තල තිබ්බොත් අපේ හාමුදුරුවනේ නැවට කුණාටු අහුවෙන්නේ නැ…… බොහෝ අය හිතනවා දේශපාලනයේ තින්දු තීරන ගන්න ඔින ලෙහෙසි තීන්දු තීරණ කියලා……….අපි ආණ්ඩුබලය ගන්නේ අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න.හැබැයි අපි දේශපාලනික තින්දු තීරණ ගන්න කොට සමහර තීන්දු තීරණ අපහසු වෙන්න පුලුවන්…..අපි හැමදාම විශ්වාස කළ මේ රටේ දේශිය ආර්ථිකය වමේ දේශපාලස බලවේග……අපි ජාතිවාදි නැ.අපි ජාතිකවාදි..අපි මහ උජාරුවට මහ බැංකුවේ තියන මුදල් සංචිත ගාණයි විදේශ රටවලින් තුන්වේල කන්න ණය ගත්තුව ගැන කයිවාරු ගහලා හරියන්නේ නැහැ අපේ හාමුදුරුවනේ .අපි ණය නොගෙව හිටපු දේශපාලන බලවේගයක් නෙමෙයි.අපි ණය ගත්තේ රට හදන්න. මහින්ද රාජපක්ෂ යුගයේ ගත්ත හැම ඩොලරයකටම මාතෘ භූමියට වටිනා කමක් දීලා තියනවා.මහින්ද රාජපක්ෂ යුගයේ ගනිපු හැම ණයක්ම මේ මහ පොළවේ ආයෝජනය කරලා තියනවා…….අපි තුන්වේල කන්න ණය අරගෙන නැ.අපි පාන්පිටි ගන්නත් ණය ගත්තු යුගයක් අපේ රටේ තියනවා….අපි ණය කල්දාන දේශපාලන බලවේගයක් නෙවෙයි.අපි ගෙවන්න බැරිනම් ගන්නෙත් නැ.ණය ගෙවන්න අපි අසාධාරණ විදියට බදු ගහන්නෙත් නැ…….අපේ අතින් අඩුපාඩු වෙන්න ඇති.. හැබැයි අපි ජනතාවට, රටට, ජාතියට, ආගමට හානියක් කළේ නැහැ.. අපි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම පුරවැසියෙක් ගැනම හිතනවා..”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...