spot_img
spot_img

නැවතත් සහල් හිඟ වෙන බවට අනතුරු ඇඟවීමක්

ගොවි සංවිධාන නියෝජිතයින් විසින් ලබන සැප්තැම්බර් මාසය වනවිට අනෙකුත් සහල්වල ද හිඟයක් ඇති වන බවට අනතුරු අගවා ඇත.

ඒ අනුව ඔවුන් චෝදනා කළේ කීරි සම්බාවලට ආදේශක සහල් ආනයනය කිරීමට රජයට සිදුව ඇත්තේ ඒ පිළිබඳව නිසි දත්ත නොමැතිකම නිසා බවයි.

කෙසේ වෙතත් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව මඟින් නිර්දේශ කර ඇත්තේ කීරි සම්බා වෙනුවෙන් ආදේශක සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනය කිරීමට බව ද සඳහන්.

රජයේ ආයතන මඟින් ඉන් සහල් මෙට්‍රික්ටොන් 5,000කුත්, පෞද්ගලික අංශය මගින් සෙසු සහල් ප්‍රමාණයත් ආනයනය කිරීමට ද තීරණය කර ඇති බව පවසයි.

එමෙන්ම රටේ සහල් නිෂ්පාදනය සහ කීරි සම්බා තොග පිළිබඳව රජය සතුව නිසි දත්ත නොමැති බවට ද ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් හා අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා අදහස් පළ කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...