spot_img
spot_img

සියලු පාසල්වලට විශේෂ චක්‍රලේඛයක් – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදිසි නියෝගක්

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසන්නේ, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් නිවැරදි කරමින්, වඩාත් පිළිවෙලකට සහ යුක්තිසහගතව සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට මෙම නව චක්‍රලේඛය මඟින් ප්‍රතිපාදන සැලසෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, සුදුසුම සිසුන් පාසල්වලට ඇතුළු කර ගැනීමට හැකිවන ආකාරයට මෙම චක්‍රලේඛය සකස් කර ඇති බව ඔහු පැවසීය.

“නීතිවිරෝධී සහ ආයථා ක්‍රම මඟින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට මෙම චක්‍රලේඛය තුළින් තිත තබනවා,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙමඟින් පාසල් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ යුක්තිසහගතව සිදුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ අතර, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වූ සංශෝධිත චක්‍රලේඛය ද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මෙම චක්‍රලේඛ මඟින් පාසල් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, එහිදී ඇතිවන අකටයුතුකම් වළක්වා ගැනීමටත් අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...