Sunday, April 19, 2026
spot_img
spot_img

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ වව්නියාව සහ සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත් වන ලෙසත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙනිසා වැඩි වෙලාවක් අව්වට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතු වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවත් තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස්පිඩු පෙරළීම ඇති විය හැකි බවටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මෙනිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවටත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වඩාත්ම සැලිකිලිමත් විය යුතු අතර, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසට ද දැනුම්දී ඇත.

සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...