spot_img
spot_img

ප්‍රභූ ආරක්ෂාවට මිලියන 1100ක් වැය වෙනවා – විජිත

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1100 ක් පමණ වන වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (06) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් නඩත්තු සඳහා වියදම වසරකට සමස්ත ලංකාවේම පොලිස් නිලධාරීන්ට බෙහෙත් ගන්න තියෙන රෝහලටවත් වියදම් කරලා නොමැති බවයි.

මෙම වියදම ඉතා ඉහළ බවත් ඒ සඳහා කමිටුවක් පත් කර හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයකට ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය අයට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...