spot_img
spot_img

එළවළු මිල ඉහළට

ප්‍රදේශ කිහිපයක ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එළවළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (29) බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350ත් 400ත් අතර මිලකට අලෙවි වන අතර අමුමිරිස් කිලෝවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 800ත් 900ත් අතර මිලකටයි.

මීට අමතරව කැරට්, ලීක්ස්, තක්කාලි ඇතුළු එළවළු වර්ග කිහිපයකම මිල සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

මේ අතර පසුගිය සතියට සාපේක්ෂව අද දිනය වන විට දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවළු මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු සිල්ලර වෙළෙඳුන් පවසයි.

ඔවුන් පවසන්නේ රුපියල් 160කට පැවති වට්ටක්කා කිලෝවක මිල මේ වන විට රුපියල් 300-400ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

තවද අනෙක් සෑම එළවළු වර්ගයකම කිලෝවක මිල මේ වන විට රුපියල් 500-800ත් අතර සිල්ලර මිලකට අලෙවි වන බවත් ඔවුන් පවසයි.

අමු මිරිස් කිලෝවක් රුපියල් 1400, නයි මිරිස් කිලෝවක් රුපියල් 1500, තක්කාලි කිලෝවක් රුපියල් 600-800ත් අතර මිලකට අලෙවි වන බවද ඔවුන් පැවසීය.

සෑම වසරකට නත්තල් සමය අවසන් වීමෙන් පසු මෙලෙස එළවළු මිල ඉහළ යන නමුත් ලබන වසරේ මුල් සති කිහිපය තුළ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් ලැබෙන බැවින් මිල අඩු වෙතැයි අපෙක්ෂා කළ හැකි බවද ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...