spot_img
spot_img

රජයේ නිලධාරීන්ට නව වසර වෙනුවෙන් විශේෂ මුදලක්

2025 සදහා විශේෂ අත්තිකාරම් මුදලක් රජයේ නිලධාරීන්ට ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරනවා.

ඒ අනුව රාජ්‍ය නිලධාරින් සදහා රුපියල් 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බව එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙනවා.

එම අත්තිකාරම ගෙවීම 2025 වසරේ ජනවාරි පළමු වැනිදායින් ආරම්භ කර පෙබරවාරි (28) වැනිදායින් අවසන් කළ යුතු බව එම චක්‍රලේඛයේ දැක්වෙනවා.

එදිනට පසු ගෙවීම නොකළ යුතු බවත් එම අත්තිකාරම් මුදල 2025 වසර තුලදීම අයකර අවසන් කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රලේඛය මගින් දන්වා තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...