spot_img
spot_img

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බරපතළ ගැටලු ඇති බව අමෙරිකාව කියයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

2024 වර්ෂයේ ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳව වාර්තාව නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඔවුන් වගවීමට ලක්කිරීම ශ්‍රී ලංකා රජය ගෙන ඇත්තේ අවම උත්සාහයක් බව එම වාර්තාවේ දැක්වෙනවා,

පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීම, රක්ෂිත බන්ධනාගාර ගත කළ ඝාතනය, මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර, ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම ආදිය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාව මඟින් කනස්සල්ල පළ කර තිබේ.

2022 වර්ෂයේ අරගලයෙන් පසු පැවති මැතිවරණවලින් විශිෂ්ට ලෙස බලය ලබාගත් වත්මන් රජය, සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ගෙන ඇත්තේ අවම ක්‍රියාමාර්ග බව එම වාර්තාවේ දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ගනිමින් අත්අඩංගුවට ගැනීම්, කාන්තාවන් බලහත්කාරයෙන් වඳ සැත්කම්වලට භාජනය කිරීම්, සම්බන්ධයෙන් ද එම වාර්තාව මඟින් චෝදනා එල්ල කර තිබේ.

2024 වර්ෂය තුළ වෙඩි තැබීම් 103ක් සිදුව ඇති බව ද පොලිස් අත්අඩංගුවේ දී මරණ 7ක් සිදුව ඇති බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් 2024 වර්ෂය තුළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ කිසිඳු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් යුද්ධයෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ගේ චෝදනා විමර්ශනය කිරීමේ සුළු ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...