spot_img
spot_img

වසන්ත සමරසිංහ ඇමති කැබිනට්ටුවෙන් දොට්ට

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කිරීම හේතුවෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික නවීන් දිසානායක මහතා ඊයේ(13) පැවසුවා.

ඔහු සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ ප්‍රකාශ කරමින් අමාත්‍ය සමරසිංහ, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියට අභියෝග කර ඇති බවයි.

“පිටතදී මේ ගැන කතා කරනවා වෙනුවට, කැබිනට් මණ්ඩලය තුළ මෙම කරුණ සාකච්ඡා කර අගමැතිනියගේ අදහස්වලට විරෝධය පළ කළ යුතුව තිබුණා,” යැයි ඔහු පැවසුවා.

“ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කිසිදු කැබිනට් අමාත්‍යවරයෙකු මෙලෙස අගමැතිනියට ප්‍රසිද්ධියේ අභියෝග කර නැහැ. අද අමාත්‍යවරුන් ක්‍රියා කරන ආකාරයට කැබිනට් මණ්ඩලය කිසි විටෙකත් හැසිරී නැත,” යැයි නවීන් දිසානායක මහතා අවධාරණය කළේය.

ඔහු තවදුරටත් සදහන් කළා.

“1980දී ජේ.ආර්. ජයවර්ධන රජය විසින් දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කිරීමට ගත් තීරණයට මගේ පියා, දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතා සහ දිවංගත අමාත්‍ය ආනන්දතිස්ස ද අල්විස් මහතා විරුද්ධ වුණා. ඔවුන් කැබිනට් තුළ තම විරෝධය පළ කළා, නමුත් අද සිදුවන ආකාරයට ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.”

“අමාත්‍ය සමරසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතුයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා සූදානම්ද යන්න මම නොදනිමි” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...