spot_img
spot_img

එජාප – සජබ දීගෙට ටෙලිෆෝනය හරස් වෙයි

සමගි ජන බලවේග පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණය සදහා එක්ව තරග කිරීමට වන සාකච්ඡා පසුගිය දිනවල පැවැත්වුණා.

එහෙත් නායකත්වය හා ලාංඡනය පිළිබඳව සාකච්ජා කළද සමගි ජන බලවේගය විසින් ටෙලිෆෝනය මිස වෙනත් කිසිදු ලාංඡනයකට එකඟ නැතැයි එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

එළ⁣ඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා පොදු සන්ධානයක් යටතට ඒමට පසුගිය දිනවල පක්ෂ දෙකෙහිම කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ටෙලිෆෝනය අතහැර දමා පොදු ලකුණක් යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය යෝජනා කළද, සමගි ජන බලවේග පක්ෂය ටෙලිෆෝනය අතහැර තරග කිරීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...