spot_img
spot_img

නව ජනාධිපතිට ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකරුවන් දෙදෙනෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (01) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකරුවන් වශයෙන්, ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් දුමින්ද හුලන්ගමුව සහ ආර්ථික කටයුතු හා මුදල් ස්නාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ආචාර්ය ඒ ඒ. ජේ. ප්‍රනාන්දු පත් කර තිබෙන බවයි.

මෙම පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපතිවරයා වෙත බලතල අනුව සිදු කර තිබෙනවා.

ජනාධිපති උපදේශක පත් කිරීම් සැප්තැම්බර් මස 24 වනදා දින සිට බලපැවැත්වෙන පරිදි ගරු සේවා පදනම් මත පත් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...