spot_img
spot_img

අනුරගේ පෝස්ටර් ඇලවූ දෙන්නෙක්ට අධිකරණයෙන් දඩ

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1500/- බැගින් දඩ නියම කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පමුණුවනු ලැබුවා.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් දෙදෙනා ජනාධිපතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් තම පොලිස් වසම තුළ අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

අදාළ චෝදනාවලට සැකකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට මහෙස්ත්‍රාත්වරයා විසින් දඩ නියම කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...