එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී තුන්වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වුණා.
එහිදී ඔහු විසින් වාර්තා කළ කාලය 10 .18 ක්.
මෙම මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්වුණා.
මිට අමතරව කාන්තා මීටර් 800 තරගයේ දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වූ තරුෂි කරුණාරත්නට තරගය අතර මැද දී අවාසනාවන්ත අයුරින් තරගයෙන් ඉවත් වීමට සිදු වුණා.
ඒ තරගය අතරතුර ඇය මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.
මේ අතරතුර එම තරගයට මුහුණ දුන් ගයන්තිකා අබේරත්න එම තරගය නිමා කළේ එහි සහභාගි වූ අවසන් ක්‍රීඩිකාව ලෙසයි.
Comments




