spot_img
spot_img

රුපියල් 5,000ක අල්ලසක් ගත් ගාල්ල මහ නගර සභාවේ සේවකයින් දෙදෙනෙකු අල්ලස් කොමිසමට කොටු

රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු සහ වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත්තේ, පැමිණිලිකරුගේ තීන්ත අලෙවි ආයතනයකට අයත් වෙළෙඳ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා මහ නගර සභාවට ගෙවිය යුතු බදු මුදලට අදාළ ලේඛන ලබාදීම කඩිනම් කර දීමේ පොරොන්දුව මතය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් දෙදෙනාව අද (25) පෙරවරු 8.50ට පමණ ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂක අංශය තුළදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...