spot_img
spot_img

සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු දෙකක්

පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කර ඇති බවයි.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක් පිළිබඳව සමාජ මාධයේ ඔස්සේ සංසරණය වුණා.

ඒ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවටයි.

එම සිදුවීම මුල් කරගනිමින් නිදහස් ලකුණු කිහිපයක් ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...