spot_img
spot_img

රුසියාව අල්ලාගත් යුක්‍රේන භූමිය නැවත දෙන්න ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් ආපසු ලබා දීමට උත්සාහ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

රුසියාව යුක්‍රේනයේ විශාල කොටසක් අත්පත් කරගෙන ඇති බවත් එම භූමියෙන් කොටසක් ආපසු යුක්‍රේනයට නැවත ලබා ගැනීමට උත්සාහ කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදි.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡා ඇලස්කාවේදී පැවැත්වීමටද නියමිතය.

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා හමුවී විනාඩි දෙක තුනක් ඇතුළත ප්‍රගතියක් ලබා ගත හැකිද යන්න දැනගත හැකි බවත් ට්‍රම්ප් මෙහිදී මාධ්‍ය වෙත පවසා තිබේ.

එමෙන්ම මෙම සාකච්ඡා අතතුර රුසියානු ජනාධිපතිවරයා සාධාරණ ගනුදෙනුවක් යෝජනා කළහොත් යුරෝපීය නායකයින් යාවාත්කාලීන කිරීමට තමන් කටයුතු කරන බවත් පළමුව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමග කතා කරන බවත් ට්‍රම්ප් මෙහිදී පවසා ඇත.

තවද අනාගත රැස්වීමක් සඳහා යුක්‍රේන ජනාධිපතිවරයාද ඇතුළත් විය හැකි බවත් පැවසූ අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ එය සෙලෙන්ස්කි සහ පුටින් ඇතුළත්ව ත්‍රී මාර්ග සැසියක් විය හැකි බවත්ය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...