spot_img
spot_img

ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරගත් මිනිස් වෙළෙඳාම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් හෙළිදරව්වක්

නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථානයන් සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් බඳවා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් 50,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට උත්සහ දරමින් සිටින බවයි.

මේ වන විටත් එවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ සකස් කරන ලද රැකියා දැන්වීම් ප්‍රචාරණය සිදුවන බව සදහන්.

පසුගිය සති කිහිපය තුළ දී මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු ද අදාළ වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යොදවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

මෙරට තුළ රැඳී සිටින පුද්ගලයින්ට අමතරව ඩුබායි හි රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙසේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රැකියා සඳහා යෙදවීමට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එමනිසා තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දැන්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී විශේෂ අවධානයක් යොමුකරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...