පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂයා අද (04) දින ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී පැවැත්වෙන සර්ව ජන බලය සන්ධානයේ නියෝජිත හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්රකාශයට පත් කරනු ලබන බවයි.
සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව ඔහු එහිදී සඳහන් කළා.
දිලිත් ජයවීර මහතා ප්රමුඛ මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංෂික පෙරමුණ, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්රමුඛ ස්වාධීන මන්ත්රී සංසදය පසුගිය මැයි 27 වනදා සර්ව ජන බලය නමින් නව සන්ධානයක් සඳහා ගිවිසුම් ගත වුණා.




