spot_img
spot_img

රෝහිතගේ සහාය රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු මෙම අදහස් පල කළේ, අද (04) කළුතර දිස්ත්‍රික් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික ප්‍රාදේශීය මන්ත්‍රීන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“රට මේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට මේ රට දෙනවද ? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කථා කරන සජිත්ට 22 වෙනිදාට මේ රට දෙනවද ? මේ කයිය නායකවරුන්ට රට දෙනවද ? රට වෙනුවෙන් තීන්දුවක් ගන්වද ? ඒ නිසා ඔබට ඇහුම්කං දීලා, රටට ඇහුම්කං දීලා මම ඔබේ මතයට හිස නමමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති කරනවන වැඩපිළිවෙළට මම ලෑස්ති වෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...