spot_img
spot_img

මාලිමාව ආණ්ඩුවේ පළමු විවාදය අද

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද (03) සහ හෙට (04) දින පැවැත්වීමටත්, අතුරු සම්මත ගිනුමට අදාල යෝජනා සම්මතය (05) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අනතුරුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති.

අනතුරුව හෙට (04) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා විවාදය පැවැත්වෙන අතර ඊට අදලා ඡන්ද විමසීම එදින පස්වරු 05.00ට පැවැත්වීමටත් 2025 වසරේ පළමු කාර්තුව සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිනුමට අද‍ාල යෝජනා සම්මතය දෙසැම්බර් මස (05) වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වලගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන අතර පාර්ලිමේන්තුව අද (03) සිට ලබන (06) වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...