නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ ලලිත් එල්ලාවල ඉදිරියේදී සමගි ජන බලවේගයට එක්වීමට නියමිත බව වාර්තා වනවා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ප්‍රම්‍රඛ නිදහස ජනතා සභාව සමගි ජන බලවේගය සමග ඉදිරියේදි සන්ධනාගත වීම ස්ථිර බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පසුගියදා ප්‍රකාශ කළා.
එම පක්ෂය නියෝජනය කළ මහාචාර්ය ජී.එල්. පීරිස් ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකු පසුගිය අප්‍රේල් මස 05ස් වැනිදා සමගි ජන බලවේගය සමග සන්ධානගතව කටයුතු කිරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරමින් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, ඇතුළු පිරිසක් ද ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.




