spot_img
spot_img

වැඩ තහනම් වූ තුෂාර උපුල්දෙණියගේ පඩි ගෙවීම් ගැන තීරණයක්!

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ මහතා නිත්‍ය තනතුරේ රාජකාරීවලට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.

පසුගිය ජූනි 9 වන දා තුෂාර උපුල්දෙණිය මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන අනුවය.

ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ තවදුරටත් කටයුතු කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් සහ පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකිරීම සඳහා උපුල්දෙණිය මහතාගේ වැඩතහනම් කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...