spot_img
spot_img

විදුලි ගාස්තු වැඩි කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.

කුඩා පරිභෝජන සහ ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පවසයි.

ඒ වගේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබේ.

ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වේ.

ඒකක 30 – 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රු 2කින් ඉහළ ගොස් ඇති අතර එහි ඒකකයක නව මිල රුපියල් 8කි. ඒ අනුව එම කාණ්ඩයේ මාසික ගාස්තුව රු 10කින් ඉහළ යනු ලබන අතර එය රු 210ක් බවට පත් වේ.

මේ අතර ඒකක 61 – 90 සමස්ත බිල්පත් වැඩිවීම රු 240කට සීමාවේ.

ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රු 840කට සීමා වෙන අතර ඒකක 180ට වැඩි කාණ්ඩයට රු 2220කට සීමා වේ.

ඒ අනුව ගෘහස්ත අංශයේ විදුලි ගාස්තු සංශෝධනය රු 20 සිට රු 2220 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒකක 180ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩිවීමක් නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇත.

කර්මාන්ත අංශය පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව ඒකක 300ට වැඩි වෙන විට ඒකක ගාස්තුව 4කින් සහ මාසික ගාස්තුව රු 50කින් ඉහළ යනු ඇත.

විශාල කර්මාන්ත, හෝටල් සහ පොදු කර්මාන්තවල ස්ථාවර ගාස්තුව රු 5000 එලෙසම පවතින අතර, මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රු 100කින් ඉහළ යනු ඇත.

 

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...