spot_img
spot_img

කුරුණෑගල පිරමිඩ සිද්ධියට තුනක් රිමාන්ඩ්

ජනතා මුදල් රුපියල් කෝටි 350කට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල “රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්” (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

“R3F” පිරමීඩාකාර සමාගමේ මෘදුකාංගය (ඇප් එක) නිර්මාණය කළ , සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මධුසංක අත්තනායක, ඩී.පී රෝහිනි ,හා ඩබ්ලිව් එම් නිමල් ශාන්ත සැකකරුවන්ට මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර කුරුණෑගල, හෝරමාගම,කුලියාපිටිය මොරගොල්ලාගම, නාගොල්ලාගමඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක 5500කට අධික ජනතාව ගිණුම් තිස්එක්දාහක්හ රහා මෙම වංචාවට හසුව ඇති බවට තොරතුරු අනාවරණය වන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

ජනතාව තැන්පත් කරන මුදල් ජාත්‍යන්තර බයිනෑන්ස් සමාගම,ක්‍රිස්ටෝ කරන්සි සහ ජාත්‍යන්තර විද්‍යුත් වේදිකා හරහා විදේශයන්හි ආයෝජනය කර මාස 18ක් ඇතුළත හතර ගුණයක ප්‍රතිලාභ ඩොලර් වලින් ලබා දෙන බවට පවසමින් මෙම පිරමීඩාකාර මූල්‍ය වංචාව සිදුකර ඇති බව කරුණු ඉදිරිපත් කෙරිණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...