spot_img
spot_img

අත්අඩංගුවට ගත් ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තිදෙනෙක් මුදාහරී

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ලොකු පැටීගේ මස්සිනා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැලිපැන්න, කුරුන්ද ප්‍රදේශයේදීයි.

පොලීසිය පැවසුවේ, එහිදී සැකකරුවන්ගේ නිවාසද පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර, ඒවායේ වෙඩික්කරුවන් සැඟව සිටියාද යන්න පිළිබඳව ඇති වූ සැකය මත එම නිවාස පරීක්ෂා කළ බවයි.

කෙසේවෙතත්, ඒවායේ තිබී කිසිඳු සැකකටයුතු දෙයක් හමු වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව, සැකකරුවන් තිදෙනා මුදාහැරීමට කටයුතු කර තිබුණා.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් වෙඩිතබා ඝාතනය කෙරුණේ පසුගිය 8 වනදායි.

ක්ලබ් වසන්තගේ දේහය අවසන් කටයුතු සඳහා තර්ජන මධ්‍යයේ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙන අතර, එහි ආරක්ෂාවද පොලීසිය හා විශේෂ කාර්ය බළකාය එක්වී තර කර තිබෙනවා.

එවන් පසුබිමක අද (13) දිනයේදී ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...