මතුගම පැවැත්වෙන සමගි ජන බලවේගයේ රැස්වීමකට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් අනතුරෙන් මන්ත්‍රීවරයාට තුවාල සිදු වී නොමැති අතර එහි ගමන්ගත් තිදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසල දී මෙම අනතුර සිදුව තිබෙනවා.
Comments




