spot_img
spot_img

ආණ්ඩුවේ තුන් කට්ටුවක් ’’සුබ ආරංචිය’’ හෙළි කරයි

” රනිල් තමයි මිනිහා” යන සුබ ආරංචිය අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවකදී අද (26) සදහන් කළා.

පොහොට්ටුව රනිල්ට උදව් කළේ ඔහුට අභියෝග බාර ගැනීමට තිබූ හැකියාව නිසා බව කී ප්‍රසන්න රණතුංග මහතා මේ වන විට රටේ බහුතර ජනතාව ද පොහොට්ටුව එදා ගත් තීරණය අනුමත කර ඇතැයි ද එම මාධ්‍ය හමුවේදී පැවසුවා.

“ආරංචිය සුබයි” යන තේමාව මුල් කරගනිමින් බම්බලපිටිය ලෝරිස් පටු මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුද සහභාගී වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...