spot_img
spot_img

ඡන්දය වෙනුවෙන් පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

ඡනාධිපතිවරණය සඳහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් නිකුත්කර තිබෙනවා.

2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා තැබෙන අතර 2024.09.23 දින පාසල් නැවත ආරම්භ කෙරෙන බවයි එම ලිපියේ සඳහන් වෙන්නේ.

තවද ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2024.09.19 දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාවය පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ගාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කර තිබෙනවා.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පහත සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...