2024 ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති හා සම්මන්ත්රණ අනිද්දා (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසියම් තැනැත්තෙකු , ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළ හොත් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.
2024 ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා පැවැත්වේ.
ඒ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,849 කදීයි.




