කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරී යෙදී සිටි නිලධාරියා නිදාගෙන සිටියදී අවදි කළ බව කියන සිද්ධියකට උරනව තවත් කොස්තාපල්වරයෙකුට පිස්තෝලයකින් වෙඩි තැබීමට තැත් කලයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප සේවක රාජකාරියේ සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය සදහන් කළා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරියේ යෙදී සිටි අවුරුදු විසි තුනක කොස්තාපල්වරයක්.
පැමිණිල්ලක් කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු අළුයම 5.40 ට පමණ කහ තුඩුවට පොලිසියට පැමිණ තිබූ අතර එහිදී උප සේවක රාජකාරියේ කටයුතු කළ කොස්තාපල්වරයා රාජකාරී පුටුවේම නිදාගෙන සිට තිබෙනවා.
එම අවස්ථාවේදී දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කළ කොස්තාපල්වරයෙකු විසින් උප සේවක රාජකාරියේ සිටි නිලධාරියා අවදි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවටයි වාර්තා වන්නේ.
පසුව දුරකථන ක්‍රියාකරු ලෙස සිටි කොස්තාපල්වරයා අවශ්‍යතාවක් සඳහා තනිකඩ බට නිවාසයට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී උප සේවක ලෙස රාජකාරී කළ කොස්තාපල්වරයා පිස්තෝලයක් ද රැගෙන පරුෂ වචනයෙන් බැණ වදිමින් එම නිලධාරියා දෙසට ගිනි අවිය එල්ල කර ඇති බව පොලිසිය පැවසුවා.




