නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා ආර්ථිකය මී උණ රෝගයක් වැළදී ඇති බවට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශය තුළ ආර්ථිකය විනාශ කරන විශාල මීයෙක් සිටින බවයි.
එම මීයාත් සමඟ සසඳා බැලීමේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සිටියේ බටු මීයෙක් බවත්, ආර්ථිකය මී උණ රෝගයෙන් බේරාගන්න නම් කළ යුතු පළමු දේ මේ මීයා උගුලට අසු කර ගැනීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසුවා.
නිදහස ජනතා සභාවේ ප්‍රධාන කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ දිවා ආහාරය දෙන පාසල් දරුවන් සංඛ්‍යාව වන ලක්ෂ එකොළහ, ලක්ෂ විස්ස දක්වා වැඩි කරන ලෙස කැබිනට් පත්‍රිකා දෙකක් විෂයභාර ඇමැතිවරයා ඉදිරිපත් කළ ද ඊට මුදල් අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර නොමැති බවයි.




