ජනාධිපතිවරයා වංචා දූෂණ නැවතීමට අණ පනත් ගෙනෙමින් පටන්ගත් ක්‍රියාවලිය අමාත්‍යවරුන්, රජයේ සේවකයින්, ව්‍යාපාරිකයින් හැටියට සියල්ලන් පටන් ගත යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
ඒ අද (10) ‘ඇතුගල්පුරට ස්මාට් පෙරළියක්’, ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් කුරුණෑගල වැහැර ක්‍රිඩාංගණයේදී ආරම්භ කරමින්.
එවරස්ට් කන්ද තරණය කුරුණෑගල ජයන්ති කුරු උතුම්පාල සිහිපත් කළ අමාත්‍යවරයා එවන් අභියෝගයක් ජය ගත් කාන්තාවක් උපන් කුරුණෑගල තරුණයින්ටද ලෝකය ජයගැනීමේ හැකියාව තිබෙන බව ප්‍රකාශ කළා.
වෘත්තීය පුහුණුව ලබා දෙමින්, රැකියාවල පිහිටුවමින්, ස්මාට් යූත් ක්ලබ් පිහිටුවමින්, වෘත්තීය උපදේශනය දීමට ජනාධිපතිවරය උපදෙස් දී ඇති බව එහිදී ප්‍රකාශ කළ අමාත්‍යවරයා, සුබවාදීව සිතන්නේ නම් ජීවිතය ජයගත හැකි වන බවද සඳහන් කළා.
අමාත්‍යවරයා එහිදී තවදුරටත් පවසා සිටියේ සීගිරිය නිර්මාණය කරමින් රටට ඩොලර් ගේන නායකයා වූ කාශ්‍යප රජුව එදා ඝාතනය කළා මෙන් වර්තමානයේදීද එවන් පාලකයින්ගේ නම් විනාශ කරන පාර්ශ්ව සිටින බවත් මුදල් ඇති තැනට පහර දී නැති කෙනාට දීමට ඉගැන්වූ රටක ව්යවායකයන් නොහැදෙන බවයි.
“කුඩා කාලෙ ඉඳන් අපේ රටේ කියන්නේ ව්‍යවසායකයා හොරෙක් මංකොල්ලකාරයෙක් කියලා. සල්ලි තියෙන අයගෙන් උදුරලා දෙන අයයි වීරයෝ කියලා අපිට කියලා දීලා තියෙන්නේ. මට අවුරුදු 11දී තාත්තා නැති වුණාට මම අධ්‍යාපනය සපුරලා, මාධ්‍යයට ඇවිල්ලා, දේශපාලනයටත් ආවා. එහෙම වෙලා ලංකාවේ ලාබාලම කම්කරු ඇමතිවරයා වුණා. එහෙම වුණේ මට බෑ, නෑ නොකිව්ව නිසයි.
ජනාධිපතිතුමා එතුමාගෙන් පටන්ගත්තා. වංචා දූෂණ නතර කරන්න ඕන පනත් ගෙනාවා. කාන්තාවන්ට පසුගියදා ලිංගික සමානාත්මතාව පිළිබඳ පනත ගෙනවා. කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ පනත ගෙනාවා. තරුණයන් සවිමත් කරන්න මුදල් දුන්නා. දැන් අපි කැබිනට් ඇමතිවරු විදිහට අපි පටන්ගන්න ඕන. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ඉඳන් රාජ්‍ය යාන්ත්‍රණය මේක පටන්ගන්න ඕන. ව්‍යාපාරිකයෝ පටන්ගන්න ඕන මගෙන් වෙනස් වෙන්න. මහා භාණ්ඩාගාරයේ අද සල්ලි තියෙනවා අතිරික්තය රුපියල් බිලියන 300ක්, හදිසියක් වුණොත් මිනිසුන්ට කන්න බොන්න, තෙල්, ගෑස් ටික දෙන්න.




