Friday, June 5, 2026
spot_img
spot_img

අපේක්‍ෂා රෝහලේත් අත්‍යවශ්‍ය ඖෂධ හිගයි

මහරගම අපේක්‍ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා දෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කීපයක් රෝහලේ නොමැතිකම හේතුවෙන් එම ඖෂධ පිටත ඖෂධ අලවිසල්වලින් අධික මුදලක් ගෙවා මිලදී ගැනීමට සිදුව ඇතැයි රෝගීහු පවසනවා.

මේ අතර ඇතැම් ඖෂධ පිටත ඔසුසල්වල ද නොමැති බව රෝගීහු පවසනවා.

පිළිකා රෝගීන්ට ශරීරයේ සුදු රුධිරාණු නැවත නිෂ්පාදනයවීම සදහා නයිට්‍රජන් එන්නත පිටත ඖෂධ වෙළෙදසල්වලින් ලබාගැනීමට රුපියල් 16,000 ක් පමණ මුදලක් වැය වන නමුත් එන්නත පිටතින් මිලදී ගැනීමටවත් නොමැති නිසා එම රෝගීහු අන්ත අසරණ වී සිටිති.

මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය අවධානය කඩිනමින් යොමු කර ඖෂධ නොමැතිව අන්ත අසරණ වී ජීවිතයත් මරණයත් අතර පොර බදමින් සිටින තමන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි ඉක්මනින් ක්‍රියා කරන ලෙස මහරගම අපේක්‍ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීහු ඉල්ලා සිටිති.

මේ සම්බන්ධව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.

බෙහෙත් වර්ග කීපයක හිගයක් තියෙනවා. ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙන්නේ. ඉක්මනින්ම මේ ගැටලුව විසදන්න බලාපොරොත්තු වෙනවායැයි ද කීය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...