රටේ තරුණ පරම්පරාව අපේක්ෂා කරන නුතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට පොදුජන පෙරමුණ දෙමාපියන්ගෙත් තරණයන්ගෙත් අපේක්ෂාවන් මල්ඵල ගන්න කටයුතු කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (07) පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක්තවය සම්බන්ධයෙන් පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
එහිදී ඔහු කියා සිටියේ රටේ ඇති අභියෝගාත්මක අවස්ථාවකදී අභියෝග භාර ගන්න තමා සුදානම් බවත් පාක්ෂිකයා කෙරෙහි විශ්වාසය තබා තිබෙන බවයි.
නාමල් මහතා මෙහිදි හිත්අමනාප කම් අඩුපාඩු සියළු දේ හදාගෙන ඉදිරියට යාමට යළි අත්වැල් බැඳගන්නා ලෙස පක්ෂය හැර ගිය සියලු දෙනාට ආරාධනා කර සිටියා.
පැහැදිලිවම පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව පැවසු ඔහු තමාගේ ජයග්‍රහණය පක්ෂයේ ජයග්‍රහණය වන බවත් එය රටේම ජයග්‍රහණය බවදඅවධාරණය කළා.
තවදුරටත් ඔහු පවසා සිටියේ
”පොහොට්ටුවේ පෙතිගලවන්න උත්සහ කරන්න පුලුවන්.පොහොට්ටුව පිපින්නෙත් මඩේ, නැට්ට එක්කෙනෙක් ගාව වෙන්න පුලුවන් උඩ කැල්ල තව කෙනෙක් ගාව පුළුවන් හැබැයි මේ ඔක්කෝම තියෙන්නේ ජනතාව ළඟ.උත්සහ කරන්න පුලුවන්.ජනතවෙ අතේ තීරණය තිබෙන්නේ..”




