කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ අවසන් අදියර මීළඟ අයවැය හරහා මුදල් ලබාගෙන සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසනවා.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර ඔවුන්ට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබා දීමේ ක්‍රියාමාර්ග මේ වන විටත් සම්පාදනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
නිෂ්පාදන ක්ෂේත්රය ඉහළ නැංවීමේ අරමුණින් නවතා දැමූ ලෝක බැංකු වැඩසටහන හරහා ග්‍රාමීය ප්‍රදේශ සහ නගර යා කෙරෙන මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ කර ඇති අතර මේ වන විට ආරම්භ කර ඇති ග්‍රාමීය පාලම්වල ඉදිකිරීම් කටයුතුද හැකිතාක් දුරට අවසන් කර ඇති බවයි ඔහු එහිදී පැවසුවේ.




