spot_img
spot_img

ශෙහාන් සේමසිංහට මරණ තර්ජන

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාල දුරකථනය ඔස්සේ ඊයේ (15) පස්වරුවේ අදාළ දුරකථන ඇමතුම ලැබී ඇති බව සඳහන්.

ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට ඉඩ නොතබන අතර සිය තර්ජනය නොසලකා කටයුතු කරන්නේ නම් ඝාතනය කරන බව දුරකථනය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...