spot_img
spot_img

සාමාන්‍ය පෙළ විභාගයේ තවත් අක්‍රමිකතාවයක් ?

සාමාන්‍ය පෙළ විභාගයේ තවත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව මිනුවන්ගොඩ පාසලක විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදුන් බවට චෝදනා එල්ලවී තිබේ.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සිසුන් දෙදෙනකුටත් පරීක්ෂකවරුන්ගෙන් බාධා එල්ලවූ බවට පැමිණිලිකරුවන් චෝදනා කරයි.

පෙරේදා (15) නිමාවට පත්වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් ප්‍රශ්න පත්‍රවල දෝෂ තිබූ බවට සහ විභාග ශාලා කිහිපයක අක්‍රමිකතා සිදුවූ බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණි.

මෙවන් පසුබිමක මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අල්අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය හා සිතියම කොටස ලබා නොදුන් බවට එම සිසුන් චෝදනා කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...