කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (04) වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙසින් සටහන් වී තිබිණා.
එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 13,462.4 සීමාව ඉක්මවා යෑමක් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.
2022 වසරේ ජනවාරි 19 වැනි දින එම අගය වාර්තා වී තිබුණු අතර රුපියල් බිලියන 5.21ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දින වාර්තා වී තිබෙනවා.




